රට දැය සුරකින අධිෂ්ඨාන පූජාව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය හා ජාතික සංවිධාන ඒකාබද්ධ ක්‍රියාන්විතය සමග සංවිධානය කරනු ලැබූ “රට දැය සුරකින අධිෂ්ඨාන පූජාව “ආරම්භක වැඩසටහන 2022.අප්‍රේල් 30 වැනි දින පස්වරු 6.00 ට බෙල්ලන්විල රජ මහා රජ මහා විහාරස්ථානයේ දී බෞද්ධ මහා සම්මේලනය ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ට මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බෞද්ධ සංවිධානවල සහභාගිත්වයෙන් පැවැත් විය. එහිදී විශේෂ අනුශාසනාවක් සිදුකරන ලද්දේ බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ප්‍රේමරත්න ස්වාමින් වහන්සේ විසින් වන අතර ඊට පසුව අධිෂ්ඨාන පූජාව සවස 6. 30 ට පූජ්‍ය...
මහාචාර්ය ගුණපාල පී. මළලසේකර තුමාගේ 49 ගුණානුස්මරණ වැඩසටහන
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ මළලසේකර පදනම විසින් සංවිධානය කරනු ලැබූ , සමස්ත බෞද්ධ මහා සම්මේලනයේ හිටපු කීර්තිමත් ගරු සභාපති වරයෙකු සහ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ නිර්මාර්තු මහාචාර්ය ගුණපාල මළලසේකර මැතිතුමාගේ 49 ගුණානුස්මරණ වැඩසටහන 2022. අප්‍රේල් 23 දින බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැත්විය,
මෙහිදී මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම වූ අතර ඉන් පසුව ගුණ සමරු වැඩ සටහන පවත්වන ලදී, එහිදී පූජ්
අතිගරු ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් වත්මන් සමාජ ආර්ථික අර්බූදය විසඳා ගැනීම සඳහා කරුණු 06 කින් සමන්විත යෝජනා මාලාව සම්බන්ධයෙන් අප රටේ ජාතික සහ ආගමික සංවිධානවල නියෝජතයින් සමඟ සාකච්ඡා කර අතිපූජ්‍ය මහනායක ස්වාමීන් වහන්සේලා විසින් ඉදිරිපත් කරන ලද ඉහත යෝජනා යථාර්ථයක් බවට බලාත්මක කර ගැනීම උදෙසා සාකච්ඡාවක් 2022-04-08 වන දින කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ පවත්වන ලදි. ...
දහම් පාසල් ගුරු භවතුන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික තරුණ මණ්ඩලය විසින් කොළඹ දිස්ත්‍රික් ශාෂනාරක්ෂක බල මණ්ඩලයේ තුළ (මැද කොළඹ , උතුරු කොළඹ සහ තිඹිරිගස්යාය ) පිහිටි දහම් පාසල් වල ගුරුභවතුන් උදෙසා ” බුදු දහම සහ සිංහලය දේශීය චින්තනයේ අනන්‍යතාවයයි” යන මැයෙන් එක්දින නායකත්ව පුහුණු වැඩමුළුව 2022.03.27 ඉරුදින බෞද්ධ බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මේලන ශාලාවේ දී පවත්වන්නට විය . මෙම වැඩසටහන සඳහා පූජ්‍ය මාලේවන ධම්ම විජය ස්වාමීන් වහන්සේ විසින් බුද්ධ ශාසනය සුරකින...
2022-03-24 දින මඞකලපුව දිස්ත්‍රික්කයේ අවුරුදු 32 කට පසු නැවත විවෘතවු සිංහල පාසැල කල්කුඞා සිරි සීලාලංකාර සිංහල විද්‍යාලයට අවශ්‍යපොත් සියල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ ප්‍රකාෂන කොමිෂන් සභාවේඅනුග්රහයෙන් ලබාගත් සමස්ත ලංකා බෞද්ධ මහා සමිමේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මයා, සම්මේලනයේ මඞකලපුවශාඛාවේ ගරු ලේකම් විශේෂ්‍යණ වෛද්‍ය චන්දික ඉපිටකඩුව වෙත භාරදෙන අවස්ථාව ...
සිංහල භාෂා දිනය සැමරීම !!!! 2022.03.02 වන දිනට යෙදුනු සිංහල භාෂා දිනය නිමිති කොට ගෙන සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය විසින් “සිංහල භාෂාවට ඇති වර්තමාන අභියෝග” යන මැයෙන් දේශණ ද්විත්වයක් සහිත සංවාදශීලි වැඩ සටහනක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙහි දී මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥාණිස්සර ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය මාලේවන ධම්මවිජය ස්වාමීන් වහන්සේ දේශණ ද්විත්වය සිදු කරන ලද අතර මහාචාර්ය නිමල් ද සිල්වා මහතා විසින් සමාලෝචන දේශනයක් සිදු කරන්නට යෙදුණි .
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාතික හා බෞද්ධ කටයුතු පිළිබඳ ජාතික විමර්ශනය මණ්ඩලය සහ නීතිය,රාජ්‍ය පාලනය,ජාතික පාලනය , ජාතික ආරක්ෂාව හා විදේශ ප්‍රතිපත්ති කමිටුව විසින් සංවිධානය කරනු ලැබූ බෞද්ධ තොරතුරු මධ්‍යස්ථානයට සම්බන්ධ බොදු නියෝජිතයින්ගේ නායකත්ව පුහුණු වැඩමුළුව 2022.02.27 දින මහනුවර දිස්ත්‍රික් ලේකම් ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්වුණි. එදින වැඩමුළුව සදහා මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරතුමා ,ගරු දිසාපතිතුමා, මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා සහ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිළධාරීන් සහභාගී විය වැඩමුළුවෙහි ආරාධිත දේශකයින් ලෙස නීතීඥ සමිත...
මුදළිඳු අමරසේකර ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය විවෘත කිරීම මාකඳුර, කහවත්ත, මුදළිඳු අමරසේකර ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසය ජාතික සමාජ සේවා මණ්ඩලයේ අනුග්‍රහයෙන් ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කිරීම වෙනුවෙන් 2022.01.22 දින රාත්‍රී පිරිත් දේශනයෙන් හා පසුව දා මහා සංඝ රත්නයට පිරිනමන දානමය පුණ්‍ය කටයුත්ත පැවැත් විය. ඉන් අනතුරුව 2022.01.23 දින පෙරවරු 9.00ට යෙදෙන සුභ මොහොතින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතා ඇතුළු ගරු කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් මුදළිඳු අමරසේකර ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවාසයේ වැඩ කටයුතු ආරම්භ කර වැඩිහිටියන් ඇතුලත් කර ගැනීම සිදු කරන...
- 1
- 2