පූජාවලී 2021 බෞද්ධ චිත‍්‍ර හා ගීත රචනා තරගාවලිය ප‍්‍රතිථල
ඉහත සදහන් තරගාවලිය සදහා ඉදිරිපත් කරන ලද චිත‍්‍ර සහ ගීත රචනා අතුරින් ත්‍යාග සහ සහතික පත‍්‍ර සදහා නිර්දේශිත නාමලේඛනය පහත සදහන් ෙවි. මෙය ජයග‍්‍රහණ පිළිවෙල නියෝජනය නොකෙරෙන අතර ලබාගත් ස්ථාන සහ සහතික පත් ලාභීන් පසුව නිෙවිදනය කරනු ඇත.
පළමු වසර අභිමානයෙන් යුතුව සමරමු
                       පළමු වසර අභිමානයෙන් යුතුව සමරමු!!
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ 2021 අපේරල් මස 03 පැවැති නිලවරණයෙන් පත්වූ ගරු සභාපති චන්දර නිමල් වාකිෂ්ඨ මහතා පරමුඛ ගරු කෘත්යාධිකාරී මණ්ඩලය පත් වී වසරක් ගතවන මේ මොහොතේ සියලූම බාධක ජයගෙන ඉතා සාර්ථකව ජාතික, ආගමික, ශාසනික සේවාවන් රැුසක් ගතවූ වසර තුළ සිදුකරනු ලැබූ අතර ඉදිරියටත් සියලූ කම්කටොලූ බාධක ජයගෙන බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා බෞද්ධ සම්මේලනය වෙනුවෙන් එක්ව කටයුතු කරමු ,
                        ඔබ සැමට තෙරුවන් සරණයි !!!
රට දැය  සුරකින අධිෂ්ඨාන පුජාව ජනගත කිරීමේ ප්‍රාරම්භක අදියර
ලබුනෝරුවකන්ද වන සෙනසුනාධිපති  අති පූජ්‍යපාද කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු  සංඝරත්නයේ සහභාගිත්වයෙන් 2022-04-30  දින සවස  6.00 ට
බෙල්ලන්විල  රජ  මහා  ව්හාරයෙ දි  පැවැත්වේ. දැහිතකාමි ඔබත් සුදු වතින් සැරසී චිත්ත ශක්ති
මෙහෙයුම්  අධිෂ්ඨාන පූජාවට සම්බන්ධ වන මෙන් ඉල්ලා  සිටිමු.

-සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය හා ජාතික  සංවිධාන ඒකාබද්ධ ක්‍රියාන්විතය-

බෞද්ධ හිමිකම් කොමිෂන් සභාව
ශ්‍රී ලංකාවට “සුපිළිපන්” නව දේශපාලන සංස්කෘතියක්

ශ්‍රී ලංකාවට “සුපිළිපන්” නව දේශපාලන සංස්කෘතියක් උදා කර ගැනීම උදෙසා  ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහා නායක මාහිමිපාණන් වහන්සේලා  ප්‍රමුඛ සෙසු ආගමික නායක පූජා ප්‍රසාදීන්  හා පූජකවරුන්ගේ ඒකමතිකත්වයෙන් සුදුසුකම් ඇති මැතිවරණ අපේක්ෂකයන් තෝරා පත් කර ගැනීමේ අභිලාෂයෙන් සියලු දේශපාලන පක්ෂ නායකයන් හා මහජනතාව වෙත 2019 අගෝස්තු මස 06 වන දින කොළඹ බණ්ඩාරනායක  අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශාවලිය.

ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන අවස්ථාවක ඉදිරිපත් කිරීම සඳහා සකස් කළ යෝජනා මාලාව

රටට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන අවස්ථාවක හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන අවස්ථාවක ඉදිරිපත් කිරීම සඳහා යෝජනා මාලාවක් සකස් කළ යුතු බවට සාමග්ගි මහා සඟ සමුළුව නියෝජනය කළ ගරුතර මහා සංඝරත්නය සිදු කළ යෝජනාවක් අනුව ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයක්  බෞද්ධ මහා සම්මේලනය විසින් ස්ථාපිත  කෙරිණ.

එම මණ්ඩලය  විසින් ගිහි පැවිදි විද්වතුන්ගෙන් සමන්විත පහත සඳහන් අනු කමිටු 09  පත් කරන ලදී.

  1. බුද්ධ ශාසනය (පර්යාපත්ති, ප්‍රතිපත්ති  සහ ප්‍රතිවේද) සහ ආගමික සහජීවනය.
  2. නීතිය, රාජ්‍ය පාලනය, ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති.
  3. අධ්‍යාපනය, සදාචාරය හා පුරවැසියා .
  4. ආර්ථිකය, ස්වාභාවික සම්පත් සහ සමජීවිකාව.
  5. සංස්කෘතිය (භාෂාව, සාහිත්‍ය, කලාව , අදහස්, සාරධර්ම, ධර්මතා ) හා ජාතික අනන්‍යතාවය.
  6. පුරාවිද්‍යාව, ඉතිහාසය හා ජනශ්‍රැතිය.
  7. සෞඛ්‍ය, ආහාර හා පෝෂණය සහ හෙළ වෙදකම.
  8. කෘෂිකර්මය, වාරි කර්මාන්තය සහ පරිසරය.
  9. තාක්ෂණය, විද්‍යාත්මක ක්‍රමය, සන්නිවේදනය හා නව මාධ්‍ය.

මහා සංඝරත්නයේ  අනුශාසනා ඇතිව ගිහි විද්වතුන්ගේද සහයෙන් රට ජාතියට හිතකර ප්‍රතිපත්ති සම්පාදනය කර ගැනීමට අවැසි වැඩ පිළිවෙලක්  සකස් කර ගන්නා ලදී. එම වැඩ පිළිවෙලෙහි  එක් අනු කමිටුවක් ලෙස නීතිය, රාජ්‍ය පාලනය, ජාතික ආරක්ෂාව හා විදේශ ප්‍රතිපත්තිය අනු කමිටුව වන , පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමින් වහන්සේගේ  සභාපතිත්වයෙන්,ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා, ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතා, ජනාධිපති නීතිඥ ප්‍රසාන්ත ලාල් ද අල්විස් මහතා, ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා, ආචාර්ය පාලිත කොහොන මහතා, මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා, රන්ජිත් තෙන්නකෝන් මහතා, ආචාර්ය නිමල් හෙට්ටිආරච්චි මහතා, චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාත්, සහය සම්බන්ධීකාරක ඉෂාන් බුද්ධික එදිරිසූරිය මහතා සහ  බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලයේ  සභාපති පූජ්‍ය දිවියාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන සෙසු නාහිමිවරුන්ගෙන් ඇතුළු ගිහි විද්වතුන්ගේ ද පූර්ණ දායකත්වයෙන්  ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා අදාල විකල්ප යෝජනාවලියක් සකස් කිරීම හා එය මහජනතාවට ඉදිරිපත් කිරීම බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ ද සහභාගිත්වයෙන් 2020.09.05 දින සිදු කරනු ලැබීය.

 

ශුිමත් අනගාරික ධර්මපාල උතුමානන්ගේ 157 වෙනි ජන්ම දිනය
IMG-20210917-WA0004
අප බුදුරජානන්වහන්සේ බුද්ධත්වය ලැබු පින්බිව බුද්ධගයාව අන්‍යාගමිකයින්ගෙන් මහා සටනක් කර බෞද්ධ ජනතාවට වන්දනාමාන කරන්නට බෙිරා දි, බරනැස ඉසිපතනයේ නව මුලගන්ධකුටි විහාරය ඉදිකරවා ,බෞදධයන්ට දඹදිව සිද්ධස්ථාන වන්දනාවට ඉඩ සලසාදුන්  ශුිමත් අනගාරික ධර්මපාල උතුමානන්ගේ 157 වෙනි ජන්ම දිනය (17-09-2021) සමරමු.

==================================================================================================================

පුවත්

පාකිස්තාන ගාන්ධාර ශිෂ්ටාචාරය හා පාකිස්තාන බෞද්ධ උරුමය පිළිබඳ දේශනය.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ පාකිස්තාන ගාන්ධාර ශිෂ්ටාචාරය හා පාකිස්තාන බෞද්ධ උරුමය පිළිබඳ දේශනය,  2022.05.25 වන බදාදා සවස 4.00 ට බෞද්ධ මහා සම්මේලන ශාලාවේ දී මහාචාර්ය නිමල් ද සිල්වා මහතා විසින්  සිදු කරන ලදී.
 මෙදින මෙම උත්සවය සඳහා ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ  ආරාධනාව පරිදි ශ්‍රී ලංකාවේ පාකිස්තානු  මහකොමසාරිස් තුමා සහ එම  මහ කොමසාරිස් කාර්යාලයේ    සංචාරක හා සංස්කෘතික  කටයුතු පිළිබඳ නිලධාරිනිතුමිය සහභාගී විය.
මෙහි දී ගරු සභාපතිතුමා විසින් ශ්‍රී ලංකාවේ පාකිස්තානු  මහකොමසාරිස්තුමා වෙත  විශේෂ  සමරු තිළිණයක් ද ප්‍රදානය කළ අතර එතුමා විසින් ද  බෞද්ධ සම්මේලනයේ  ගරු සභාපතිතුමා වෙත සමරු තිළිණයක් ලබා දෙන ලදී .අනතුරුව ගරු සභාපතිතුමා විසින් එතුමන් වෙත විශේෂ තේ පැන් සංග්‍රහයක් ලබාදුන් අතර එහිදී දෙපාර්ශවය අතර සුහදශීලී ව සාකච්ඡාවක්  සිදු කරණ ලදී
එසේම  පාකිස්ථානයේ  සහ ශ්‍රී ලංකාවෙහි බෞද්ධ උරුමයන් පිළිබඳව මෙන්ම සම්මේලනයේ ඉදිරි කටයුතු සම්බන්ධව සාකච්ඡා  කළ අතර පාකිස්ථානයේ තිබෙන ඓතිහාසික බෞද්ධ උරුමයන් වැඳ පුදා ගැනීමට  ලාංකිකයන්ට අවස්ථාව ලබා දෙන ලෙසත් ඒ සඳහා විශේෂ චාරිකාවන්  සම්මේලනයේ හරහා යොදන බවත් සඳහන් කරන ලදී. ඒ සඳහා එතුමාගේ සිය ප්‍රසාදය ද පළ කරන ලදී.
 මෙම අවස්ථාවන් හි විශේෂ ඡායාරූප ….

 

 රට දැය සුරකින අධිෂ්ඨාන පූජාව 
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය හා ජාතික සංවිධාන ඒකාබද්ධ ක්‍රියාන්විතය සමග සංවිධානය කරනු ලැබූ “රට දැය සුරකින අධිෂ්ඨාන පූජාව “ආරම්භක වැඩසටහන 2022.අප්‍රේල් 30 වැනි දින පස්වරු 6.00 ට බෙල්ලන්විල රජ මහා රජ මහා විහාරස්ථානයේ දී  බෞද්ධ මහා සම්මේලනය ගරු සභාපති චන්ද්‍ර  නිමල් වාකිෂ්ට මහතාගේ ප්‍රධානත්වයෙන් සහ බෞද්ධ සංවිධානවල සහභාගිත්වයෙන්  පැවැත් විය.
  එහිදී විශේෂ අනුශාසනාවක් සිදුකරන ලද්දේ බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ප්‍රේමරත්න ස්වාමින් වහන්සේ විසින් වන අතර ඊට පසුව  අධිෂ්ඨාන පූජාව සවස 6. 30 ට පූජ්‍ය කොත්මලේකුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ විසින් පත්වන ලදී. මීට සමගාමීව දිවයිනේ විහාරස්ථාන 10 කදී මෙම අධිෂ්ඨාන පූජාව පවත්වා ජනගත කිරීම සිදු කරනු ලැබීය.

 

 

 

 

2022 අප්‍රෙල් 27

අර්බුදයට විසඳුමක් -බෞද්ධ මහා සම්මේලනයේ සභාපති

2022. අප්රේල් 23

මහාචාර්ය ගුණපාල පී. මළලසේකර තුමාගේ 49 ගුණානුස්මරණ වැඩසටහන

අයදුම්පත්