දහම් පාසල් ගුරු භවතුන්ගේ  නායකත්ව පුහුණු වැඩමුළුව 
සමස්ත ලංකා  බෞද්ධ මහා සම්මේලනයේ ජාතික   තරුණ මණ්ඩලය විසින් කොළඹ දිස්ත්‍රික් ශාෂනාරක්ෂක  බල මණ්ඩලයේ තුළ  (මැද කොළඹ , උතුරු කොළඹ සහ තිඹිරිගස්යාය ) පිහිටි දහම් පාසල් වල   ගුරුභවතුන්  උදෙසා ” බුදු දහම සහ සිංහලය  දේශීය  චින්තනයේ අනන්‍යතාවයයි” යන මැයෙන් එක්දින නායකත්ව පුහුණු  වැඩමුළුව 2022.03.27 ඉරුදින  බෞද්ධ බෞද්ධ මහා සම්මේලනයේ ගරු  සභාපති චන්ද්‍ර නිමල් වාකිෂ්ඨ මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මේලන ශාලාවේ දී  පවත්වන්නට විය .
මෙම වැඩසටහන  සඳහා  පූජ්‍ය මාලේවන ධම්ම  විජය ස්වාමීන් වහන්සේ  විසින් බුද්ධ ශාසනය සුරකින සිංහලයා යනුවෙන් දේශනයක් ද ,  ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් අල්විස් මහතා විසින් නායකත්ව ගුණාංග සහ පිරිස් කළමනාකරණය යනුවෙන් දේශනයක් ද  ,හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතා විසින් තරුණ බෞද්ධයාගේ අද දිනයේ කාර්යභාරය යනුවෙන් දේශනයක් ද ,ඔබ සහ බෞද්ධ සම්මේලනය කාර්යභාරය යනුවෙන් දේශනයක්  සම්මේලනයේ  නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ මහතා විසින්  පවත්වන ලදී ,
* එම වැඩසටහනේ  විශේෂ අවස්ථා