ජාතික රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ගේ කාරැනික ඉල්ලිම අනුව වෛද්‍ය රානි පුනාන්දු ගේ මැදිහත් විමෙන් රෝ හලේ සවශන අපහසුතාවයෙන් පෙලෙන කොරෝනා රෝගින්ට ස්වසන පහසුව පිනිස වැඩි පිඩනයකින් ඔක්සිජන් ලබාදිමට, CPAP යන්ත්‍ර පහක් (රැ 875000/=වටිනා) පරිත්‍යාග කරනලදි. එක් යන්ත්‍රයක් සදහා රැ 275000/= බැගින් ලක්ෂ්මන් කෝටිටගේ මහතා ද, නම සදහන් කිරිමට අකැමති පිංවතියක්ද,එක්සත් රාජධානියේ වෛද්‍යවරැ තිදෙනෙක්ද මෙි සදහා දායකත්වය දරනලදි.
මෙවරත් අගෝස්තු 22 දාට යෙදුනු නිකිණි පුන් පොහෝදා ශාසනාලෝක වැඩසටහන බණ්ඩාරගම ගල්තුඩේ ගල්කන්ද ශ්‍රී මහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පවත්වන්නට යෙදුනු පිංබර අවස්ථාව.. සෑම මසකම මෙන්, සම්බුද්ධ ශාසනයේ උතුම් පැවිදි බව ලැබූ පිංවත් සාමණේරයන් වහන්සේලා දස නමකගේ මාපියන් වෙනුවෙන් සහ විහාරවාසී ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මූල්‍යමය පරිත්‍යාග කරමින් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු සභාපති ලක්ෂ්මන් කෝට්ටගේ මහතාගේ දායකත්වයෙන් මෙවරද පවත්වන්නට යෙදුනු මෙම උතුම් පුණ්‍යකර්මයට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු ලේකම් එස්.වෙත්තසිංහ මහතා සහ ලක්ෂ්මන් සමූහ ව්‍යාපාර ජාලයේ අලෙවි කළමණාකාර සුදත් රෝහණ මහතාද සහභාගී වූ අතර වැඩසටහන මහජන සහභාගීත්වයෙන් තොරව පැවැත්වුනි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය අප රටේ ඇතිවන හදිසි ආපදා තත්ව , වසංගත වැනි මෙවන් අවස්ථා වලදී උදව් උපකාර අවශ්‍ය අයට නොපැකිලව ඒ වෙනුවෙන් මේ ආකාරයෙන් කටයුතු කරන අතර පිංවත් ඔබටත් මේ වකවානුවේදීත් එවන් පුණ්‍ය කර්ම සඳහා මුදලින් දායක විය හැකිය.
දුෂ්කර විහාරස්ථාන හා හා ආර්ථික අපහසුතා ඇති පවුල් සඳහා මෙන්ම covid 19 වසංගතය හමුවේ ඇති අභියෝගයන් ජයග්‍රහණය කිරීමට අවැසි ආධාර උපකාර සඳහා එම මුදල් යොදවනු ලැබේ. බොදු මහා සමුළුව යටතේ ක්‍රියාත්මක වන ගිලන් භික්ෂු විවේකාශ්‍රම, ජේෂ්ඨ පුරවැසි නිවාස සහ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා හදිසි අවශ්‍යතා වෙනුවෙන් ද එම මුදල් යොදවනු ලැබේ.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධ සුභසාධක අරමුදල
ලංකා බැංකුව -ටොරින්ටන් ශාඛාව
C/A 87540363 අපගේ ගිණුම් අංකයයි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මෙහෙයවීමෙන් නිරන්තර කරන මෙවන් පින් මහිමයෙන් සකල ලෝක වාසී සියලු දෙනම නිදුක් වෙත්වා !! නීරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා !!
කොව්ඩ් මාරයා හමුවේ ගිලන් වී ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබන සැම දෙනා වෙනුවෙන් වටිනා කිරිපිටි තොගයක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු සභාපති ලක්ශ්මන් කෝට්ටගේ මැතිතුමාගේ සහ ව්‍යාපාරික අනිල් මුහන්දිරම්ගේ මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් ගම්පහ මහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ශිරෝමන් මැතිතුමා වෙත අගෝස්තු 13 වන දින පරිත්‍යාග කල අවස්ථාව. ඒ පින් බලයෙන් ලොව පුරා කොවිඩ් ආසාදනය වී හුස්ම යදින සියලු දෙනාම සුවපත් වේවා !!
ඇති නැති සෑම විටකම ගමේ පංසල වෙනුවෙන් භික්ෂූන් වහන්සේ වෙනුවෙන් සිව්පසයෙන් උපස්ථාන කිරීම අපේ හෙළ බෞද්ධයන්ට ඈත අතීතයේ ඉඳන්ම හුරුවුනු දෙයක්.. නමුත් අපේ ජීවිත වල කෙදිනකවත් අත් නොවිඳපු වසංගත බියක් දැන් මුලු ලෝකයම වෙලාගෙන.. අපේ රටත් අවාසනාවන්ත විදියට මේ වසංගතයෙන් පීඩාවට පත් වී හමාරයි. මරණ ගණන දවසින් දවස එක පැත්තකින් ඉහල යද්දි අනිත් පැත්තෙන් බොහෝ ජන ජීවිත අඩාල වෙලා.. ආදායම් මාර්ග ඇහැරිලා.. හෙට දවස ගැන බියකින් හැමෝම පසුවන්නේ.. බුදු සසුන වෙනුවෙන් උතුම් පැවිදි බව ලැබූ අපේ රටේ ගරුතර භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සාමණේර හිමිවරුන් වෙනුවෙන් විතරක් නොවෙයි විහාරස්ථාන වල ආවතේව කටයුතු වලට ඉන්න ගිහි උදවිය වෙනුවෙනුත් මේ අභාග්‍යසම්පන්න කාලෙදි ඒ ගම්වල අයට සිව්පසයෙන් උපස්ථාන කරගන්න බැරි වෙන්න පුලුවන්.. දාන වේලක් දෙකක් වරදින්න පුලුවන්.. කොරෝනා රෝගයට විහාරස්ථානයක් ගොදුරු උනොත් මේ තත්වය තවත් දරුණු වෙන්නත් පුලුවන්..
බෞද්ධ විහාරස්ථාන වල අවශ්‍යතා වෙනුවෙන් නිරන්තර සෝදිසියෙන් සිටින සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය හරහා අද රටේ මේ ඇති වී තිබෙන තත්වය වෙනුවෙන් පසුගියදා ඉතාම කාලීන පිංබර පූජාවක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී සිදු කෙරුනා.. ඒ සම්මේලනයේ ගරු සභාපති චන්ද්‍ර නිමල් වාකිශ්ඨ මැති තුමාගේ මැදිහත් වීමෙන්.. එනම් අග නගරයෙන් ඉතාම දුර බැහැර , වව්නියාව සපුමල්ගස්කඩ ආරන්ය සේනාසනාධිපති ශාන්ත බොධි සවාමින්වහන්සේ වෙත සිව්පස පුජාවක් කරමින්.. උන්වහන්සේ සමඟ වැඩ වසන තවත් ස්වාමීන් වහන්සේලා දසනමක් සහ ඇප උපස්ථාන සඳහා විහාරස්ථානයේ සිටින ගිහි කිහිප දෙනෙක්ටද මසකට සෑහෙන්න අවශ්‍යතා සම්පූර්ණ කරමින්.. මේ සත්ක්‍රියාව සඳහා ප්‍රධාන දායකත්වය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික මණ්ඩලයේ ගරු සභාපති තුමා දැරූ අතර එම මණ්ඩලයේම විනෝද් අරෝෂ , පාලිත තලංගම , පියල් වසන්ත , පියල් ලොකුගමගේ යන මහත්වරුන් සහ සියලුම කාර්ය මණ්ඩලයද ඊට දායක වුනි.. එමෙන්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ , වසන්ත සිල්වා මයා , ප්‍රභාත් කුලරත්න මයා , ආචාර්ය නිමල් හෙටිටිආරචිචි ,වෛද්‍ය රානි ප්‍රනාන්දු මිය ,ඉෂාන් එදිරිසුරිය මයා යන අයද මූල්‍යමය ආධාර කරමින් මෙම දායක වන්නට යෙදුනු අතර දිලුමි මයා , ඉෂාන් මයා , නීතිවේදී කිර්ති ප්‍රියංකර මයා සහ කුමාර යන අයද මේ උතුම් සත් ක්‍රියාවට සහභාගී වූහ. එමෙන්ම සෑම වසරකම දිවයිනේ යම් ප්‍රදේශයකින් තෝරාගන්නා එක් විහාරස්ථානයක කඨිණ පූජෝත්සවය පැවැත්වීමට සියලු විය හියදම් දරමින් කටයුතු කිරීමද මෙම බොදු මහ සමුලුව හරහා වාර්ශිකව සිදු කෙරෙන උතුම් ශාසනික මෙහෙවරක් වන අතර මෙවර ඒ සඳහා තෝරාගෙන ඇත්තේද මෙම සපුමල්ගස්කඩ ආරණ්‍ය සේනාසනාධිපති ශාන්තබෝධි නාහිමි ප්රමුඛ මහා සංඝරත්නයයි.පසුගියදා ශාන්තබෝධි නාහිමි උදෙසා පවත්වන්නට යෙදුනු පිණ්ඩපාත දානමය පුණ්‍යකර්මයකටද ප්‍රධාන දායකත්වය දරනු ලැබුනේද සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු මණ්ඩලයේ ගරු සභාපති ලක්ශ්මන් කෝට්ටගේ මැතිතුමාගේ අතින්මය .නිරන්තරයෙන් කෙරෙන මෙවන් බොහෝ වූ උතුම් පුණ්යකර්ම බෙලෙන් අපේ රටත් මුලු ලෝකයත් මේ රෝග බියෙන් ඉක්මනින්ම නිදහස් වේවා !! ගිලන් වූ සෑම කෙනෙක්ම නිදුක් වෙත්වා !! නීරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා !!
කොරෝනා රෝගය ආසාදනය වීමෙන් අසරණ වී සිටින කලුතර පඹේ පයාගල ජයන්ති ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ 30කට වැඩි කුඩා ළමුන් පිරිසක් සහ පාලක මණ්ඩලය ඇතුළු සියලු දෙනාටම අවශ්‍ය සහල් ,වියළි ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ද්‍රව්‍ය ,බිස්කට් , ජෑම් , කිරිපිටි , බටර් , චීස් , පාන් , මාමයිට් වැනි වටිනා ආධාර තොගයක් ක්ෂණිකව ක්‍රියාත්මක වී ලබා දීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික මණ්ඩලය වෙනුවෙන් එම මණ්ඩලයේ ගරු සභාපති තුමාගේ ආදරණීය දූදරුවන්ගේ මැදිහත් වීමෙන් සිදු කෙරුනි.. මෙවන් උතුම් පරිත්‍යාගවල පිං බලයෙන් ලොවටම බලපා ඇති කොරෝනා උවදුවර ඉක්මනින් දුරුවේවායැයි ප්‍රාර්ථනා කරමු… !!
දරුවන් හදා වඩා ලොකු මහත් කර ජීවිතයේ අනේක දුක් විඳ වියපත් වන තම දෙමාපියන්ව බලා කියා ගැනීම මුදල් හදල් වියදම් කිරීම සෑම දරුවෙක්ගේම වගකීම බව හැමෝම දන්නා සාමාන්‍ය දෙයක්.. ඒ අයුරින් දිනෙක තමන් බලාගැනීමට උන් දරුවන් උතුම් ශාසන මෙහෙවර වෙනුවෙන් කැප කල සාමණේර හිමිවරුන්ගේ මාපියන්ට මූල්‍යමය උපකාර කිරීම අප සෑම පුර පසළොස්වක පොහෝ දිනකම පවත්වන ශාසනාලෝක වැඩසටහනේ සරලම අර්ථයයි.. මෙවර වැඩසටහන සිතුල්පව්ව රජමහා විහාරයේදී පවත්වන්නට යෙදුනෙමු.. දීර්ඝ කාලයක පටන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මැදිහත් වීමෙන් කරගෙන ආ මෙම සත්කාර්යය මෙවර සභාපති ධූරයට අභිනවයෙන් පත් වූ චන්ද්‍ර නිමල් වාකිශ්ට මැතිතුමාගේ සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේද දැඩි කැපවීමෙන් තවත් සාර්ථකව ඉදිරියට ගෙන යන්නට හැකි වී ඇත. මෙවර වැඩසටහන සඳහාත් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ ජාතික මණ්ඩලයේ සභාපති ලක්ශ්මන් කෝට්ටගේ මැතිතුමා , භාණ්ඩාගාරික මහින්ද තෙන්නකෝන් මැතිතුමා ඇතුලු සුලු පිරිසක් සෞඛ්‍ය නීති රීති වලට අනුව සහභාගී වෙමින් සිය දායකත්වය ලබා දුන් අතර පරිදි ලක්ශ්මන් කෝට්ටගේ පදනම සහ විදුලි ඉංජිනේරු චිත්‍රා බොතේජු මහත්මියද සිය මූල්‍යමය දායකත්වය මෙවරද දරනු ලැබිනි.වැඩසටහන සඳහා වැඩමකර වදාල ගෞරවනීය නායක හිමිපානන් හා විහාරවාසී හිමිපනන් වෙනුවෙන්ද මුදල් පරිත්‍යාගයක් ලක්ශ්මන් කෝට්ටගේ මහතා විසින් කරනු ලැබිනි.
සෑම මසකම පොහෝ දින පෙව 9.30 ට මේ වැඩසටහන ස්වාධීන රූපවාහිනියෙන් සජීවීව විකාශනය වේ.